Saturday, May 18, 2024

General line - 0115112241

සජිත් ඉල්ලා තිස්සමහාරාමයේ උද්ඝෝෂණයක්

ඩිල්ෂාන් මඩවල




ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන්නැයි ඉල්ලා තිස්සමහාරාම ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් තිස්සමහාරාමයේදී අද (10) උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් නොකළහොත්, ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද තමන් වැළකී සිටින බවයි. 

මේ අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන්නැයි මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් ද මාධ්‍ය හමු පවත්වමින් අද ඉල්ලා සිටියා.