Saturday, May 18, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සමුළුව සාකච්ඡාවට බාධාවක් නොවන බව ශ්‍රීලනිපය කියයි

ඩිල්ෂාන් මඩවල




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට පවත්වන මහා සමුළුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් සමග සිදු කරන සාකච්ඡාවන්ට අවහිරයක් නොවන බව පාර්ලිමේන්තු මහින්ද අමරවිර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ හම්බන්තොටදී අද (10) මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින්. 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. 

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හෙට පවත්වන මහා සමුළුවට තමන් සහභාගී නොවන නමුත්, ඒ සඳහා සුභ පතන බවයි මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් කියා සිටියේ.