Saturday, May 18, 2024

General line - 0115112241

කංජිපානි ඉම්රාන් ගැන විමර්ශන සම්බන්ධයෙන් සුදත්ත හිමිගෙන් චෝදනාවක්

ඩිල්ෂාන් මඩවල




කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් සම්බන්ධයෙන් විමර්ශන විධිමත්ව සිදු නොවන බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ නව සිංහල රාවය ජාතික සංවිධානය කලුතර අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළතක දර්ශනයක් බව කියන වීඩියෝ පටයක් ද මෙහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරුණා. 

කංජිපානි ඉම්රාන් සමග ඇතැම් පොලිස් නිලධාරීන් සුහදව කටයුතු කරන ආකාරය දැක්වෙන තවත් වීඩියෝ දර්ශන ද තමන් සතුව ඇතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙහිදී කියා සිටියා. 

මෙම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පොලීසියෙන් ද ප්‍රශ්න කළා. මේ, එහිදී පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර. 

කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනුණේ මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබ එරටින් පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේයි. මේවනවිට ඔහු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කෙරෙනවා.