Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති සටන ගැන ආදිවාසී නායකයාගෙනුත් ප්‍රකාශයක්

හේරත් ඒකනායක - මහනුවර




ගැටුම් ඇති කර ගනිමින් බලය දිනා ගැනීමට කවරෙකු හෝ උත්සහ කරන්නේ නම් ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව ජනතාවට සේවය කිරීමදැයි, ජනතාව නැවත සිතා බැලිය යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. ආදිවාසී නායකයා මේ බව පැවසුවේ මහනුවරදී අද (10) මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමින්. 

රටේ මීළග නායකයා ලෙස කවුරුන් පත්වනු ඇත්දැයි තමන්ට තවමත් අදහසක් නොමැති බව ද ඌරුවරිගේ වන්නිල ඇත්තන් මෙහිදී කියා සිටියා.