Sunday, May 19, 2024

General line - 0115112241

කාම්බෝජය සමග තානාපති සබඳතා සවිමත් කිරීමට ජනපති සැරසෙයි




ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයක් කඩිනමින් කාම්බෝජයේ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එමගින් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. සිය කාම්බෝජ සංචාරය අතරවාරයේ එරට අගනගරය වන නොම්පෙන්ග්හි පිහිටි වට් ලංකා ප්‍රා කුසුමාරම් විහාරස්ථානයේ අද (10) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා. 

ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචාරය කරන වැඩපිළිවෙලේදී ද, කාම්බෝජය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. ජනාධිපතිවරයා අද නොම්පෙන්ග්හි පිහිටි වට් ලංකා ප්‍රා කුසුමාරම් විහාරස්ථානයේ බෞද්ධාගමික වතාවත්වල ද නිරත වුණා.