Monday, May 20, 2024

General line - 0115112241

කන්ටේනර් 332කට බ්‍රිතාන්‍යයෙන් ගෙනා කසල පටවයි

ජූඩ් සමන්ත




බි‍්‍රතාන්‍යයේ සිට රැගෙන එන ලදුව කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ගොඩගසා තිබූ කසල මේ වනවිට කන්ටේනර්වලට පටවා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

කඩිනමින් එම කසල රටින් පිට කිරීමට ද කටයුතු කරනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප‍්‍රිය කියා සිටියේ මේ ආකාරයෙන් පැවැති කසල කන්ටේනර් 332ක තැම්පත් කර ඇති බවයි. ඒ අනුව ඉදිරි දිනවලදි රටින් පිට කෙරෙනු ඇති බවද සඳහන් කළා. 

බි‍්‍රතාන්‍යයෙන් රැගෙන ආ කසල රට තුළ ප‍්‍රවාහනය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ලබාදී තිබෙනවා.