Monday, May 20, 2024

General line - 0115112241

රිය අනතුරක් නිසා කරෙයිනගර්හි ජල සැපයුම ඇණහිටියි

දිනසේන ගමගේ




යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා. නෙත් නිවුස් යාපනය වාර්තාකරු සදහන් කළේ වැලි පටවාගත් ටිපර් රථයක් අද (12) පෙරවරුවේ යාපනය කරෙයිනගර් පොන්නාලේ හන්දියේදී ජල සැපයුම් නල පද්ධතිය මතට පෙරලී ගොස් එම පද්ධතියට හානි සිදුවීමෙන් මෙලෙස ජල සැපයුම නැවතී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථ රියදුරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වඩුක්කෝඩෙයි පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.