Monday, May 20, 2024

General line - 0115112241

හෙරොයින් සමග ඇල්ලූ කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඞ්




හෙරොයින් සන්තකව සිටියදී අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දමයන්ත විමුක්ති ඒකනායක ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ආනමඩුව පොලිස් වසමේ පුත්තලම - කුරුණෑගල මාර්ගයේදී සැකකරු අත්අඩංගුවට ගැනුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. 
 

.....................................................

හෙරොයින් සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට

(12-08-2019 14:32)

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ආණමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල, ගල් වංගුව ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් මිලිග්‍රෑම් 700ක් සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ආණමඩුව පොලිසිය වෙත භාරදී ඇති අතර සිදුකරනු ලැබූ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ සැකකරු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් බවයි.

අත්අඩංගුවට ගනු ලැබු 28 හැවිරිදි සැකකරු අද (12) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.