Monday, May 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ගින්නක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ පෙන්සිල්වේනියා නුවර පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ සිද්ධියෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි ළමුන් 05 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මියගිය ළමුන් මාස 08 සිට අවුරුදු 7 දක්වා වූ වයස් කාණ්ඩවල පසුවන්නන් බව සඳහන්.

එක් දරුවෙකු ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරුගේ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. දිවි බේරා ගැනීම සඳහා ඉහළ මාලයෙන් පිටතට පැනීමට උත්සහ කළ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ගින්නෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ද දැඩි හානි සිදුව තිබෙනවා.