Monday, May 20, 2024

General line - 0115112241

කැනියොන්, ලක්ෂපාන සහ ඉහල කොත්මලේ ජලාශ වල වාන් දොරටු විවෘත කෙරේ : කැළණි ගඟේ ජල මට්ටමත් ඉහලට

රංජිත් රාජපක්ෂ - හැටන්




මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදැසන සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් , කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් සහ ඉහල කොත්මලේ වාන් දොරටු තුනක්  මේ වන විට විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දමමින් පවතින බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

ලක්ෂපාන, කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කිරිමෙන් සහ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම නිසා කැලණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව අපදා කලමණාකාරණ ඒකකය සඳහන් කර සිටිනවා.

මේ අතර නෝටන්බ්‍රිජ්- මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයටත් පස් කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

මධ්‍යයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට අද අලුයම සිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට තරමක් පහව ගොස් ඇති අතර තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබුණහොත් එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ඒ පිලිබදව අවධානයෙන් සිටින ලෙස ආපදා කලමණාකරන ඒකකය ජනතතාවගෙන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාවත් සමග හැටන්, දික්ඔය ඔටරි වතුයායේ වතු නිවාස පෙලක් මත විශාල පස් කන්දක් කඩා වැටිමෙන් නිවාස දෙකකට අලාභ හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය පවසනවා.

පවතින අධික වර්ෂාවත් සමග නිවස පිටුපස පිහිටි විශාල පස් කන්ද මෙසේ කඩා වැටුණු බවයි එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියේ පස් කන්ද කඩා වැටිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නොමැති අතර පස් කන්ද කඩා වැටිමෙන් නිවාස දෙකට සහ එම නිවාස වල තිබු පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වි ඇත.එම නිවාස දෙකේ පදිංචි පවුල් දෙකකට අයත් සමාජිකයන් 10 දෙනෙකු පමණ ඔහුන්ගේ ඥාතින් ගේ නිවාස වල තාවකාලිකව නතර කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර දිඹුල පොලිස් වසමට අයත් කොටගල, මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස දෙකක් මතට විශාල පස් කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් එම නිවාස වල මුළුතැන්ගේ සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පොලිසිය සඳහන් කර සිටිනවා.