Monday, May 20, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ බහුතරයක් ගෝඨාභයට කැමති : මන්ත්‍රි රෝහිත කියයි

සජිත් තිලකරත්න




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් වැඩි පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් එකඟතාවය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩවන අයුරින් ක්‍රියා කරන මන්ත්‍රීවරුන් සියලු දෙනා හට විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශයට ද රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යළි එකතු වෙන්නැයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට තමන් ආරාධනා කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.