Monday, May 20, 2024

General line - 0115112241

රනිල් ආවත්, සජිත් ආවත්, කරු ආවත්, කොබෙයියා කොබෙයියාමයි - ගම්මන්පිලත් රබන් පදය වෙනස් කරයි

ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂයෙන් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ ද එය අභියෝගයක් නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ, කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි. 

ගෝඨාභය රාජපක්ෂ, මීළග ජනාධිපතිවරයා බවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

එක්සත් ජාතික පක්ෂයෙන් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ ද යහපාලන ආණ්ඩුවෙන් රටට සිදු කළ විනාශයට ඔහු වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.