Monday, May 20, 2024

General line - 0115112241

ජවිපෙ අපේක්ෂකයාත්, 18 වනදා එළියට ඒමට සූදානම්




ලබන 18 වනදා සිය අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද (12) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ දැනටමත් එම අපේක්ෂකයා කවුදැයි තීරණය කර අවසන් බවයි. 

දැන් රටට අවශ්‍ය වන්නේ විකල්ප අපේක්ෂකයෙකු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ප්‍රධාන පක්ෂ දෙකටම රට ගොඩනැගිය නොහැකි බව ඔප්පු කර ඇතැයි විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.