සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් අද (17) දිනයේදී ලකුණු 285 කට දැවී ගියා.
ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 268 ක්. ශ්‍රී ලංකා පිළ සිය දෙවන ඉනිම වෙනුවෙන් මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියා.