Friday, May 3, 2024

General line - 0115112241

අයෙකුට අද මරණ දඬුවම නියම කරයි - නඩු විභාගය අතරතුර දෙදෙනෙක් මිය ගිහින්

අධිකරණ වාර්තාකරු




2007 වර්ෂයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 22.54 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (21) මරණීය දණ්ඩනය නියම කළා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දොන් නිශාන්ත පෙරේරා නැමැත්තාට  එරෙහි චෝදනා 02 සඳහාම වරදකරු බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චුදිතව ප්‍රාණය නිරුද්ද වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා.

විත්තිකරු මෙම අපරාධය 2007 වර්ෂයේ නොවැම්බර්  මස 26 වැනි දා  සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියා. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ වෙනත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුර මියගිය බවට අධිකරනයේදී අනවාරණය වුණා.