Friday, May 3, 2024

General line - 0115112241

ගෝඨා සහ ශ්‍රීලනිපය එකඟතාවයකට සූදානම් ලු

තරංග රුක්ෂාන්




ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය පළ කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙමින් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග ගිවිසුමකට එළඹීමට ද නිදහස් පක්ෂය අපේක්ෂා කරන බවයි. සන්ධානගත වීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන්නේ ඉන් පසුව බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා. 

ඊයේ (20) රාත්‍රියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවයි. 

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ ප්‍රකාශ කළා.