Friday, May 3, 2024

General line - 0115112241

නව යුද්ධ හමුදාපති වැඩ ආරම්භ කරයි




මෙරට 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (21) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කළා.  

ඒ, ආගමික ආශීර්වාද, සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර සහ සුභපැතුම් මධ්‍යයේයි.

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ ප්‍රථම යුද්ධ හමුදාපතිවරයා වනවා.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි ඔහු යුද්ධ හමුදා මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. අනතුරුව නව යුද්ධ හමුදාපතිවරයා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබුවේ ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින්. 

පසුව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණි නව යුද්ධ හමුදාපතිවරයා  සර්ව ආගමිකවතාවත්වලට මුල්තැන දෙමින් සිය රාජකාරී ආරම්භ කළා. එම අවස්ථාව සඳහා ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.