Friday, May 3, 2024

General line - 0115112241

බෙල්ලන්විල ඇසළ මහ පෙරහැර හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ




බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (22) සිට දින 03 ක් කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

ඒ අනුව හෙට සවස 2 සිට පසුදින අලුයම 1 යි 30 දක්වා මාර්ග අංක 119 මහරගම - දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරය සහ බෙල්ලන්තර හංදිය දක්වා රථවාහන ධාවනය සීමා කරනු ඇති. අනිද්දා දිනයේ රථවාහන ධාවනය සීමා කෙරෙන්නේ බොරලැස්ගමුව හංදිය, බෙල්ලන්තර හංදිය, පැපිලියාන විහාර මාවත හංදිය දක්වායි.

ලබන 24 වනදා බොරලැස්ගමුව හංදිය, බෙල්ලන්තර හංදිය, ඇන්ඩර්සන් පාර අසල සහ පැපිලියාන හංදිය දක්වා රථවාහන ධාවනය සීමා කෙරෙනවා. ඒ, සවස 2 සිට පසුදින අලුයම 03 යි 30 දක්වායි.