Friday, May 3, 2024

General line - 0115112241

හෙට පෙරවරු 8 සිට වෛද්‍ය වර්ජනය ස්ථිරයි

තරංග රුක්ෂාන් ජයසේකර




හෙට (22) පෙරවරු 08 සිට දිවයින පුරා පැය 24ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය, ඖෂධ හිගය සහ ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පියවරක් නොගැනීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින්.

කෙසේවෙතත් හදිසි ප්‍රතිකාර, ළමා, මාතෘ සහ පිළිකා රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.