Friday, May 3, 2024

General line - 0115112241

පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සොහොයුරිය රිමාන්ඞ් (VIDEO)

හර්ෂිකා සංජීවනී




වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත මන්ත්‍රීවරිය සහ ඇගේ සොහොයුරි අත්අඩංගුවට ගෙන තිබුණා.