Friday, May 3, 2024

General line - 0115112241

කළුතර අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ නිවේදනයක්

ඩිල්ෂාන් මඩවල




කළුතර අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති 03ක කාලයේදී ජල සැපයුම විටින් විට අත්හිටුවන බවත් සෙසු අවස්ථාවලදී ද එම ප්‍රදේශවලට ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක් යටතේ බවත්  ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කෙත්හේන ජල පවිත්‍රාගාරය වැඩි දියුණු කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම සීමා කරන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. 

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ සහ කටුකුරුන්ද මෙලෙස ජල සැපයුම සීමා කෙරෙන ප්‍රදේශ කිහිපයක්. නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්ඹුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම සීමා කෙරෙනවා.