Friday, May 3, 2024

General line - 0115112241

ඇවන්ට් ගාර්ඩ් නඩුවේ චෝදනා 7,573ක්

සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




ආන්දෝලනාත්මක ඇවන්ට් ගාර්ඩ් නඩුව සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ  විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විශේෂ අධිකරණ විභාගයක් සිදු කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම නඩුවට අදාළව පාර්ශව 13කට අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ. මෙම පාර්ශව වෙත ගොනු කිරීමට අපේක්ෂිත මුළු අධි චෝදනා ගනණ 7,573ක් බවද නීතිපතිවරයා අගවිනිසුරුවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අධි චෝදනා සහිත නඩුව ද මෙය වනු ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ නිෂාරා ජයරත්න පැවසුවේ. 

ප්‍රශ්නගත ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරුණා. ඊට අදාළව මූලික කරුණු වාර්තා කෙරුණේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයටයි.  

මීට අදාළව නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට යවන ලද ලිපිය පහතින්