Friday, May 3, 2024

General line - 0115112241

හෙට උදේ සිට වෛද්‍ය වර්ජනය ස්ථිරයි

සිතාරා අතුකෝරළ/ඩිල්ෂාන් මඩවල




හෙට පෙරවරු 08 සිට රට පුරා පැය 24ක වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද තහවුරු කළා.

මේ, අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ.



වැඩවර්ජනයක් සිදු වුවද හදිසි අනතුරු සේවා සහ වකුගඩු රෝගී සායන තවදුරටත් පවත්වාගෙන යන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මාතෘ හා ළමා රෝහල්වල ද සේවා බිඳ වැටීමට ඉඩ නොදෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා ඇති මෙම වැඩවර්ජනයට සහය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කියා සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ දේශපාලන අරමුණු මුල්කර ගනිමින් ජනතාව මුලා කරන ව්‍යාජ කරුණු මත පදනම්ව මෙම වැඩවර්ජනය කැඳවා ඇති බවයි.