Friday, May 3, 2024

General line - 0115112241

හමුදාපති වෙනුවෙන් මහා සංඝරත්නයත් බටහිරට එරෙහිව සිට ගනිති

නිශාන් ද සිල්වා/ඩිල්ෂාන් මඩවල




යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට එරෙහිව අමෙරිකාව සහ යුරෝපය ඇතුළු විදෙස් රාජ්‍යයන් කිහිපයකින් ඉදිරිපත් වූ විරෝධතා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව අද සිය අප්‍රසාදය පළ කළා.

මේ, එහි ජාතික සංවිධායක පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන්. 

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ශ්‍රී ලාංකික දේශපාලඥයන්ට ද මෙහිදී අප්‍රසාදය පළ කෙරුණා. 

මේ අතර ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පෙරවරුවේ යුද හමුදාපති ධුරයේ වැඩ භාරගත්තා. ඒ, යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආගමික ආශීර්වාද, සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර සහ සුභපැතුම් ද සහිතවයි.