Friday, May 3, 2024

General line - 0115112241

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා වංචාවක් ඩලස් හෙළි කරයි

සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බෙදීම් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද අදහස් පළ වුණා. මේ, ඒ පිළිබඳ අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම. 

සිදුවෙමින් තිබෙන තවත් මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව ද මෙහිදී අනාවරණ කෙරුණා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක තවත් සාකච්ඡාවක් නුදුරු දිනකදීම පැවැත්වෙනු ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙහිදී කියා සිටියා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැන් ඉතා ඉහළ ඕනෑකමක් ද ඇති වී තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.