Monday, May 13, 2024

General line - 0115112241

සෙල්ලම් ගුවන් යානා දෙකක් ඇණවුම් කල පියාට ගණුදෙනුව පැටලී සැබෑ ගුවන් යානා දෙකක් ලැබුණු හැටි

දිනුක් හේවාවිතාරණ




සිය පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් ආකෘති ගුවන් යානා 02ක් මිලදී ගැනීමට ගිය සවුදි ජාතිකයෙකු ගණුදෙනුව වැරදි ඒ වෙනුවට එයාර් බස් වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමේ පුවතක් සවුදි අරාබියෙන් වාර්තා වනවා.

ගුවන් යානා සම්බන්ධයෙන් දැඩි රුචිකත්වයක් දක්වන සිය පුත්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් ගුවන් යානයක ආකෘතියක් තිලිණ කිරීමට සිතු මෙම සවුදි ජාතිකයා ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් යානා නිෂ්පාදන සමාගමට සිය අවශ්‍යතාවය පැහැදිලි කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඇති අවම දැනුම හේතුවෙන් ඔහු අවසානයේදී ආකෘති ගුවන් යානයක් වෙනුවට සැබෑම එයාර් බස් A350-1000 වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

" මම මගේ අවශ්‍යතාවය වෙනුවෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කළා. ඔවුන් නොයෙකුත් ආකාරයේ ගුවන් යානා ආකෘති මෙන්ම ඒවායේ මිල ගණන් ඉදිරිපත් කර සිටියා. ගුවන් සමාගම මගෙන් ගුවන් යානයේ අභ්‍යන්න්තර හා භාහිර පෙනුම ගැන විවිධ ප්‍රශ්න ඇසුවා. මම මගේ පුතාගේ උපන් දිනයට තිළිණ කිරීමට අවශ්‍ය ගුවන් යානා ආකෘතිය තහවුරු කිරීමෙන් පසුව මගේ ක්‍රෙඩිට් කාඩ් පතින් අදාළ මිල වූ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 329ක් ගෙවා දැමුවා. මම මුලින් සිතුවේ එය මිල ගණන් අධිකයි කියලා. නමුත් මම අතරමං වුනේ මේ මිල ගණන් තහවුරු කර ගැනීමේදී ඇතිවූ යම් ගැටළු කිහිපයක් නිසා. නමුත් මම පුදුමයට පත් වුනේ මාස කිහිපයකට පසුව ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔවුන් කීවා මගේ ගුවන් යානා දෙක සුදානම්, ඒවා පදවාගෙන යන්නේ කවුරුන්ද කියලා. මම සිතුවේ ඔවුන් මට විහිළු කරනවා කියනවා. නමුත් අවසානයේදී මම මිලදී ගෙන ඇත්තේ ඇත්තම ගුවන් යානා දෙකක්" බලශක්ති අංශයේ ආයෝජකයෙකු වන මෙම සවුදි ජාතිකයා ප්‍රකාශ කර සිටියා.

" මෙය ඉතා හොද ආයෝජනයක්. මම එක ගුවන් යානයක් මගේ පුතාටත් අනෙක් ගුවන් යානය මගේ ඥාතියෙකුට ලබා දෙන්න තීරණය කළා" ඔහු අවසානයේදී කියා සිටියා.