Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය සමග සාකච්ජාවේදී අපේක්ෂකයා ගැන කථා නැහැ - ජී ඒල් ගෙන් ප්‍රකාශයක්

දිල්ශාන් තුෂාර / සිතාරා අතුකෝරාල




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවත් තිරණාත්මක සාකච්ජා වටයක් හෙට පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී එල් පීරිස් පවසනවා. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සකච්ජා කෙරෙන්නේදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් මහචාර්ය ජී එල් පීරිස් පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කිරීමට අවශ්‍ය නොවන බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සිදුවන සාකච්ජා පිළිබඳ  අද පැවැත්වූ තවත් මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද අදහස් පල කළා.

මේ අතර තීරණාත්මක සාකච්ජාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ රැස්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිදු කෙරෙන සාකච්ජා සම්බන්ධයෙන්ද එහීදී සාකච්ජා කිරීමට නියමිතව තිබු  බවයි දේශපාලන ආරංචි පැවසුවේ.