Monday, May 13, 2024

General line - 0115112241

බුද්ධි අංශ සවිමත් කරන හැටි යුද හමුදාපති කියයි

දිල්ශාන් තුෂාර            




අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් යුධ හමුදා බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කරන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා යුද හමුදාපති ලෙස පත්වීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව බියෙන් පසු වන බවට ද මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කලා. ඊට ප්‍රතිචාර දක්වමින් ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා පැවසුවේ තමන් කිසියම් ජනවර්ගයක පමණක් යුද හමුදාපති නොවන බවත් තමන් සියළු ජනවර්ගයන්හි ආරක්ෂාව සහතික කරන බවයි.

2019 කොළඹ ආරක්ෂක සමුළුව පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණා. 2019 කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 දින වලදී  කොළඹ බණ්ඩානායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.