Monday, May 13, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ තනතුරු රැසක වෙනසක් : මන්ත්‍රිවරුන් පිරිසකට එරෙහි විනය පියවර ගැනිමේ සුදානමක්

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පත් කර තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) රැස්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී.

මෙතෙක් කල් එම ධුරය දැරූ එස්.බී දිසානායක එම ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පත්කර තිබෙනවා. 

මීට පෙර එම ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා වෙනුවට වීරකුමාර දිසානායක මන්ත්‍රිවරයාට මෙම පත් වීම ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය ගෙන ඇත්තේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වි වෙනත් පක්ෂ වලට සහය පළ කරමින් කටයුතු කරමින් සිටින මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනිමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදි තිරණය කර තිබෙනවා.

මේ අතර පලාත් පාලන ආයතනවල විනය කඩ කරන මන්ත්‍රිවරුන්ට එරෙහිව සිදුකරනු ලබන විනය පරීක්ෂණයන් ඉදිරියට සිදුකර ගෙන යාමටද තීරණය කර ඇත්තේ.