Monday, May 13, 2024

General line - 0115112241

විනය පරීක්ෂණය හමුවේ සැලෙන්නේ නැහැ - සුජීවගෙන් ප්‍රකාශයක්

කසුන් කැලුම්




අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන කැබිනට් නොවන අමාත්‍යවරුන් පක්ෂයේ නීතිරීති කඩකළ බවට තමන් විශ්වාස නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

පක්ෂ නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් දෙදෙනාට විනය පරීක්ෂණයක් කැඳවීමට තීරණය කළ බව එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප්‍රකාශ කළා. ඒ, ඔවුන් දෙදෙනා වෙත ලබන මස 09 වනදා හෝ ඊට පෙර දිනකදී ලිඛිතව කරුණු දක්වන ලෙස දන්වමින්. මෙම තීරණය සම්බන්ධයෙන් පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

තමන්ට එරෙහිව කැඳවා ඇති විනය පරීක්ෂණය සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ ද මාධ්‍ය වෙත අද මෙලෙස අදහස් පළ කළා.