Monday, May 13, 2024

General line - 0115112241

මාරවිලදී නිතිවිරෝධිව නිෂ්පාදනයකල "කෘතීම රා" තොගයක් අත්අඩංගුවට (PHOTOS)




සුරාබදු ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මාරවිල, මුහුදු කටුව සහ තල්විල ප්‍රදේශයේදී සිදුකරනු ලැබූ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් (කෘතීම රා) ලීටර් 9000 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙහිදී රා ගබඩා කිරීමට යොදා ගනු ලබන බැරල් සහ ටැංකි විශාල ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට සුරාබදු ඒකකයේ නිලධාරීන් සමත්ව ඇත. අත්අඩංගුවට ගනු ලැබූ කෘතීම රා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වන බවයි එම නිලධාරින් සඳහන් කර සිටියේ.

මෙම කෘතීම රා, රා තැබෑරුම් වලට සහ ස්කාගාර වලට යැවෙන බවට තොරතුරු හෙළිවී ඇති අතර වැටලීම සිදුකරනු ලැබු අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් සුරාබදු නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කර ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන සැප්තැම්බර් මස 04 වෙනිදා මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.