Monday, May 13, 2024

General line - 0115112241

යාපනය මුහුදේ සඟවා තිබු තවත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් කිහිපයක් සොයා ගැනේ

දිනසේන රතුගමගේ - වවුනියාව




දැනට අත්අඩංගුවට ගෙන සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු මත යාපනය, අල්ලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ තිබී තවත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ඊයේ (27) ගොඩ ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ වෛද්‍යවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ගනු ලැබූ කරුණු අනුව මිට පෙරද මෙම මුහුදු තිරයේ ගල් පර මත සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් පසුගිය සතියේදී සොයා ගනු ලැබුවා.

ඊයේ දිනයේදී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය පාර්සල් කර කුඩා ප්ලාස්ටික් අසුරණ 07ක් තුල ගබඩා කොට ඒවා මුහුදේ වූ ගල් පර ආශ්‍රිතව සඟවා තිබු අතර ඒවා ගොඩ ගැනීමට නාවික හමුදාවේ සහය ලබා ගත් බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.