Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය අගනුවර වෙනත් ස්ථානයක පිහිටුවීම කිරීම කෙරෙහි ඉන්දුනීසියාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, එරට වත්මන් අගනුවර වන ජකර්තා නගරය ජාවා මුහුදේ ගිලීයාමේ අවධානමක් පවතින බැවින්. ලොව වේගයෙන්ම ගිලී යන නගර අතරට ද ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අයත්.  

මීට අමතරව අමෙරිකාවේ වොෂිංටන් අගනුවර මෙන්ම හූස්ටන් හා නිව්  ඕලීන්ස් යන නගර ද ගිලීයාමේ අවධානමට ලක්ව ඇති නගර අතර වනවා. නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ මීලග වසර සියය ඇතුළත වොෂිංටන් නගරය අගල් 6කින් පමණ ගිලී යාමේ අවධානමක් පවතින බවයි. 

එසේම නයිජීරියාවේ ලාගෝස් මෙන්ම චීනයේ බීජිං අගනුවර ද ගිලීයාමේ අවධානමට ලක්ව ඇති නගර අතරට අයත්. සමීක්ෂණයන්ට අනුව බීජිං නුවර ඇතැම් ප‍්‍රදේශ වසරකට අගල් 4 ක පමණ ප‍්‍රමාණයකින් ගිලීයන බවයි අනාවරණ වී ඇත්තේ. 

මෙලෙස ලොව ඇතැම් කොටස් ගිලී යාමට බලපාන ප‍්‍රධාන හේතුව වන්නේ මුහුදු ජල මට්ටම ඉහළ යාමයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම ග්ලැසියර් දිය වීම ද ඊට හේතු වනවා. පෘථිවියේ ගෝලීය උෂ්ණත්වය පාලනයට උර දෙන ඇමසන් වනාන්තරය මේවනවිටත් ගිනිගනිමින් පවතින අතර එය පාලනය කිරීමට ලෝක ප‍්‍රජාව මෙතෙක් සමත්වී නැහැ.