Wednesday, May 1, 2024

General line - 0115112241

ඇමති බදියුර්දීන්ට එරෙහිව අහංගමදී විරෝධතා

රවීන්ද්‍ර චන්ද්‍රලාල්




අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව අහංගම නගරයේදී අද (31) විරෝධතාවක් පැවැත්වුණා. ඒ හෝටල් පාසලක් විවෘත කිරීම සඳහා අමාත්‍යවරයා අද එම  ප්‍රදේශයට පැමිණිමට නියමිතව තිබීම හේතුවෙන්.

අහංගම නගරයේ සිට එම හෝටල් පාසල දක්වා පාගමනින් පැමිණි විරෝධතාකරුවන් එහි ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවයේ නිරිත වු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ වනවිටත් රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන එම ස්ථානයට පැමිණ සිටියා.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නොමැතිව ඔවුන් දෙදෙනා විසින් එම හෝටල් පාසල විවෘත කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියාසිටියේ. එම උත්සවයේදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ නම කියවෙන අවස්ථාවල විරෝධතාකරුවන් හූ හඩ නංවමින් අමාත්‍යවරයාට විරෝධය පළ කර තිබෙනවා. උත්සවය අවසන්වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගිය බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.