Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික සිසුවියක් ඔස්ට්‍රේලියාවේදී ජිවිතක්ෂයට 

දිනුක් හේවාවිතාරණ




ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ඉගෙනුම ලබන 20 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

නිසලා පෙරේරා නැමති මෙම ශ්‍රී ලාංකික සිසුවිය මෙල්බර්න් නුවර ක්ලේටන් හි පිහිටි සරසවියේ දොරටුව ආසන්නයේ මාර්ගය හරහා මාරුවන අවස්ථාවේදී මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 9.45ට පමණ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

අනතුර සිදුකළ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව එය අතහැර දමා ගොස් තිබියදී එදින රාත්‍රී 11ට පමණ පොලීසිය විසින් සොයාගෙන ඇත.

මොනෑෂ් සරසවිය ඇගේ මරණය පිළිබදව කණගාටුව පළ කර ඇති අතර ඇගේ දෙමව්පියන් ඕස්ට්‍රේලියාවේ බලා පිටත්ව ගොස් ඇත.

මෙම සිසුවිය අනතුරට ලක් කොට නොනවත්වා ධාවනය කළ රියදුරු සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටියේ.