Thursday, May 16, 2024

General line - 0115112241

එජාපයේ අපේක්ෂකයා නම් කළ පසු තීරණයක් ගැනීමට කැබිනට් නොවන අමත්‍යවරයෙකු සැරසෙයි

කසුන් කැලුම්




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළ පසු, සිය පක්ෂය සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන බව කඳුරට ජනතා පෙරමුණ පවසනවා.

එහි නායක කැබිනට් නොවන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මෙම අදහස් පළ කළේ නුවරඑළිය ප්‍රදේශයේදී අද (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු එහිදී කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර තිබුණ ද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් ගැටළුවක් පවතින බවයි.