Wednesday, May 15, 2024

General line - 0115112241

සුළි කුණාටුවක් හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මේ වනවිට සිව්වන අදියරයේ සුලි කුණාටුවක ප්‍රබලත්වයකින් ඇති ඩෝරියන්, ෆ්ලොරීඩාහි නැගෙනහිර වෙරළ තීරයෙන් රට තුලට ඇතුලුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එය සිව්වන අදියරේ සුලි කුණාටුවක ප්‍රබලත්වයකින් යුතු වුවහොත්, වසර 30 ක් ඇතුලත ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපාන ප්‍රබලතම සුලි කුණාටුවද ඩෝරියන් වනු ඇති. මේ අතර, පූර්ව සූදානමක් ලෙස ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ෆ්ලොරීඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පූර්ව සහන කටයුතු ද ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපති ට්‍රම්ප්ට අයත් මා ලාගෝ සුපිරි නවාතැන්පලද පිහිටා ඇත්තේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේයි. සුලි කුණාටුව පුබලවුවහොත් ඊට ද බලපෑම් ඇතිවෙතැයි අපේක්ෂා කෙරෙනවා.  කුණාටුවත් සමග ප්‍රබල සුළං ධාරා මෙන්ම දැඩි වර්ෂාපතනයන් ද අපේක්ෂා කෙරෙනවා.

ආපදා තත්ත්වයකදි කටයුතු කිරිම සම්බන්ධයෙන් ප්‍රාන්ත වැසියන් දැනුවත් කර ඇති අතර සහන මෙහෙයුම් ද සුදානම් කර ඇතැයි සදහන්. ඩෝරියන් සුලි කුණාටුව ලබන සදුදා දින ෆ්ලොරිඩාවට කඩා වදිනු ඇති බවටයි කාලගුණ අංශ අනාවැකි පල කර ඇත්තේ.