Friday, May 3, 2024

General line - 0115112241

පළමු තරගය අද - මාලිංග සූදානම ගැන පැහැදිළි කරයි

කසුන් කැලුම්




තරග 03 කින් සමන්විත ශී‍්‍ර ලංකා නවසීලන්ත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය අද (01) ආරම්භ වනවා. එම සියලූ තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදීයි.

පළමු තරගය අද රාතී‍්‍ර 07.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේදී ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර නවසීලන්ත පිළට නායකත්වය ලබාදෙන්නේ ටිම් සවුතියි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පන්දුවාර 20 තරග 11 ක් කී‍්‍රඩා කර තිබෙනවා. ඔවුන් ඉන් තරග 07 ක් ජයගත් අතර තරග දෙකක් පරාජයට පත් වුණා.

නවසීලන්ත කණ්ඩායම පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී තරග 7 කට කී‍්‍රඩා කරමින් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. දෙරට අතර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී මේ දක්වා තරග 03 ක් පවත්වා ඇති අතර ඉන් එක් තරගයක් ශී‍්‍ර ලංකාව ජය ගැනීමට සමත් වුණා. දෙරට අතර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වූ අතර තවත් තරගයක් විසදුමකින් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායම 2015 වසරෙන් පසු පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පන්දුවාර 20 කි‍්‍රකට් තරග ජයක් වාර්තා කිරීමට මේ දක්වා සමත්කම් දක්වා නැහැ. සමස්තයක් ලෙස ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා පන්දුවාර 20 කි‍්‍රකට් තරග 16 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 08 ක් නවසීලන්තය ජයගත් අතර තරග 06 ක් ශී‍්‍ර ලංකාව ජය ගැනීමට සමත් වුණා. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයි. නවසීලන්ත කණ්ඩායම එම සටහනේ 06 වන ස්ථානයේ පසුවනවා.

අද තරගය පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග කියා සිටියේ මෙහිදී වැදගත් වන්නේ රට සිටින ස්ථානය නොව ක්‍රීඩකයන් දක්වන දක්ෂතාවය බවයි. 

අද තරගය සඳහා එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ද ඔහු  අදහස් පළ කරමින් සඳහන් කළේ නවසීලන්ත පිතිකරුවන්ට ලකුණු රැස් කර ගැනීමට පහසු නොවන ආකාරයේ පන්දු යවන්නන්ගේ සැළසුමක් සකස් කරන බවයි. සියල්ල සැළසුම් කරන්නේ කඩුල්ල පිළිබඳ අවබෝධයෙන් බවද සඳහන් කළා.