Friday, May 3, 2024

General line - 0115112241

හෙට සිට 'නෙත්' අලුත් සම්ප්‍රදායක් හඳුන්වා දෙයි

නිශාන් ද සිල්වා




හෙට (02) සිට සෑම සදුදාවකම ‘‘නෙත් එෆ්. එම්. සතුටු සදුදා’’ යන තේමාව ඔස්සේ නව වැඩසටහන් සම්ප‍්‍රදායක් හඳුන්වා දීමට නෙත් එෆ්. එම්. රේඩියෝව සුදානම් වනවා.

සතුටු සිතින් දිවි ගෙවමින් ධනාත්මකව අභියෝගවලට මුහුණ දීම සඳහා ජනතාව සවිබල ගැන්වීම එහි අරමුණයි.

මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා මෙවැනි නව වැඩසටහන් අත්‍යවශ්‍ය බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ.

මාධ්‍ය ආයතන ආකල්පමය වශයෙන් මිනිසුන් පොහොසත් කරන ආයතන බවට පත්විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.