Friday, May 3, 2024

General line - 0115112241

එජාප ප්‍රමුඛ නව සන්ධානයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කර අවසන් - නම් කිරීමට අගමැති පැමිණෙන තෙක් බලා සිටී

දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කිරීම, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරයෙන් පසුව සිදුවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළා.

අග‍්‍රාමාත්‍යවරයා හෙට (02) දිනයේ තුන් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

ඔහු එම සංචාරය නිම කර දිවයිනට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අග‍්‍රාමාත්‍යවරයා  ලබන 5 වැනිදා යළි දිවයිනට පැමිණීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලබන 6 වැනිදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ වනවිට ජනාධිපති අපේක්ෂකයා  පිළිබඳ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය අවසන් තීරණයකට එළඹ ඇති බව එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර අමාත්‍ය  මනෝ ගනේෂන්ද ප‍්‍රකාශ කළේ නව සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරුන්ද යන්න මේ වනවිට තීරණය කර ඇති බවයි. 

එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානය පිළිබඳ සහ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අදහස් පළ කරමින් සඳහන් කළේ "සන්ධානය සෑදීමට සමගාමීව අපේක්ෂකයා නම් කිරීම කියන කාරණය තමයි දැනට තියෙන ගැටලුව. ඉතින් ඒ නිසා තමයි ප්‍රමාදයක් තියෙන්නේ. අපේක්ෂකයා නම් කිරීමත් සන්ධානය අත්සන් කිරීමත් එකට පවත්වන්න තමයි අපේ බලාපොරොත්තුව." යනුවෙනි.