Friday, May 3, 2024

General line - 0115112241

"අපි කලබල නෑ" - ශ්‍රීලනිපය ඉතිහාසය මතක් කරයි

දිල්ශාන් තුෂාර




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක්කිරීම පහසු කාර්යයක් නොවන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා.

කුරුණෑගල පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී "දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලනේ තියෙන්නේ. මේකෙම ඉඳළා මන්ත්‍රි වෙලා..ඇමති වෙලා..අගමැති වෙලා.. ජනාධිපති වෙලා.. ඔක්කොම කරලා පක්ෂෙ දෙකට කැඩුණා දැන් කොහොම හරි. මේක එකතු කරන එක හරි අමාරුයි. එකට ඉඳලා කැඩිලා ගියාම අමාරුයි. " යනුවෙන් සඳහන් කළා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.

එහිදී "අපි බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්කත් සාකච්ඡා කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්කත් සාකච්ඡා කළා. ඉතින් අපි මේ දෙක එකතු කරලා මහජනතාවට එක මතයක් දෙන්න තැනකට එන්න හදන්නේ. දැන් බඳින්න ලෑස්ති වෙලා කසාදේ තීන්දුවෙලා තියෙන කොට මනමාලිව අරන් ගිහින් දූෂණය කරනකොට ඒ කසාදෙ කරන්න පුළුවන්ද? තව අපි ඉන්නවා..බය වෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වලලන්න හම්බවෙන්නේ නෑ. 77 කිව්වා.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අන්තිම ඇණෙත් ගහලා මිනී පෙට්ටිය ඉවර කරන්න තමයි හදන්නේ කියලා..සමසමාජෙයි කොමියුනිස්ට් පක්ෂෙ නායකයොයි. මොකද වුණේ.. අද කොමියුනිස්ට් පක්ෂයි සමසමාජෙයි කියන්නේ නිකම්ම නිකම් බෝඩ් ලෑලි දෙකක් විතරයි. අපි කලබල නෑ." යනුවෙන් සඳහන් කළා.