Friday, May 3, 2024

General line - 0115112241

මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රහාරකයාගේ හිස කොටස හෙට යළි ගොඩ ගැනේ

දිල්ශාන් තුෂාර            




පාස්කු ඉරුදින මඩකළපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් ඝාතකයාගේ මිහිදන් කර ඇති හිස කොටස හෙට (02) දිනයේ යලි ගොඩ ගැණෙනවා. ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා ලබාදුන් නියෝගයකට අනුවයි.

මීට පෙර එම අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව එම ඝාතකයාගේ හිස කොටස මඩකලපුව කල්ලියන්කාඩු හින්දු  සුසාන භූමියේ මිහිදන් කරනු ලැබුවා. පසුව ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධයක් එල්ල කළ අතර අනතුරුවයි එම හිස කොටස සුදුසු ස්ථානයක වළ දමන්නැයි මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.