Friday, May 3, 2024

General line - 0115112241

පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන රණවිරු සමරුව මහනුවරදී




ශ්‍රී ලංකාවේ සුවිශේෂී විශේෂඥ පුහුණුවක් ලැබූ කණ්ඩායමක් ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය අද වන විට ආසියාවේම ගෞරවයට ලක්වී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කීර්ති තෙන්නකෝන් පවසනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන රණවිරු සමරුවට දළදා මාළිගාවේ ශ්‍රවණාගාරයේ දී සහභාගි වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය වැලැක්වීම වෙනුවෙන් යුද සමයේ තීරණාත්මක කාර්ය භාරයක නිරත වූ පොලිස් විශේෂ කාර්ය බලකාය අද මත්ද්‍රව්‍ය උවදුර වැලැක්වීම, ප්‍රභූ ආරක්ෂාව හා විශේෂ මෙහෙයුම් සදහා ලබාදෙන දායකත්වය විශාල බවයි.