Friday, May 3, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසක සුළගේ වේගය වැඩිවෙයි




ප්‍රදේශ රැසක සුළගේ වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් සිදු කරනවා. ඒ, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කඳුකර ප්‍රදේශවලටත් බලපාන පරිදියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 ක් දක්වා වැඩිවිය හැකි බවයි. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.