Thursday, May 16, 2024

General line - 0115112241

පාප්වහන්සේ "විදුලි සෝපානයක" සිරවෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශුද්ධෝත්මක පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ අද (01) වතිකානුවේ විදුලි සෝපානයක් තුළ සිරවී තිබෙනවා. මේ හේතුවෙන් සාන්ත පීතර චතුරස්‍රයේ සතිපතා පැවැත්වෙන දේවමෙහෙයට ද උන්වහන්සේ පැමිණි තිබුණේ නියමිත වේලාව ඉක්මවා ප්‍රමාද වීමෙන් පසුවයි.

ශුද්ධෝත්තම පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන මෙම දේවමෙහෙය නියමිත වේලාවට ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙනවා. දේවමෙහෙය සජීවිව විකාශය කළ ඇතැම් මාධ්‍ය පවා කියා සිටියේ සෞඛ්‍ය හේතූන් මත ශුද්ධෝත්තම පියතුමන්ගේ සහභාගීත්වය ප්‍රමාද වනු ඇති බවයි. 

කෙසේවෙතත් පසුව දේවමෙහෙය සඳහා පැමිණි ශුද්ධෝත්තම පියතුමන් සිය ප්‍රමාද සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිසගෙන් සමාව අයැද සිටියා. උන්වහන්සේ පැවසුවේ විදුලි සෝපනයක් තුළ සිරවුනු බැවින් සිය පැමිණීම ප්‍රමාද වූ බවයි. ගිනිනිවන භටයින් පැමිණ තමන් බේරා ගත් බවත්, ඔවුන්ට සියලු දෙනා හට අත්පොළසන් දී ස්තූතිය පුද කරන ලෙසත් ශුද්ධෝත්තම පියතුමන් රැස්ව සිටි පිරිසගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් උන්වහන්සේ පැවසුවේ විදුලිබල බිඳවැටීමක් හේතුවෙන් සෝපානය සිරවී ඇති බවයි.