Thursday, May 16, 2024

General line - 0115112241

විධායක බලතල සීමා කරනවාට වතුකරයෙන් විරෝධයක්

ඩිල්ෂාන් මඩවල




විධායක ජනාධිපති සතු බලතල සිමා නොකල යුතු බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගන් තෝණ්ඩමන් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ හැටන්හි අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ජනාධිපතිවරයා සතු විධායක බලතල සුළු ජාතින්ට අයිවාසිකම් දිනාගැනීමට ශක්තියක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රට පාලනය කල  විධායක ජනාධිපතිවරුන් සහ වත්මන් ජානධිපතිවරයා ද වතු කම්කරුවන්ගේ ගැටළු වලට යම්තාක් දුරට විසදුම් ලබා දි ඇති බවත්, ඉදිරියේදි පත් වන ජනාධිපතිවරයාගෙන්ද වතු කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනිමට අදහස් කරන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.