Thursday, May 16, 2024

General line - 0115112241

ගෝඨාගෙන් ආරක්ෂාව ගැන යළිත් ප‍්‍රතිඥාවක්

ඩිල්ෂාන් මඩවල




කිසිදු අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායමකට යලිත් ශී‍්‍ර ලංකා තුළ හිස එසවීමට කිසිසේත් ඉඩ නොදෙන බවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද ප‍්‍රතිඥා ලබා දුන්නා.

ඔහු මෙම ප‍්‍රතිඥාව ලබාදුන්නේ කොළඹදී අද පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රගතශීලි වෘත්තීය සමති ජාතික මහා සම්මේලනයේදීයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රගතශීලි වෘත්තීය සමති විසින්  මෙහිදී නව යෝජනා මාලාවක්ද සම්මත කර ගැනුනු අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ එම යෝජනා නුදුරේදීම පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ කි‍්‍රයාත්මක කරන බවයි.