Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රි ලංකාවට ICCයෙන් දඩ

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යවා නිම නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලය තුලදී පන්දුවාර දෙකක් අඩුවෙන් යවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

ICC නීතිරීති වලට අනුව නියමිත කාලයට යවා නිම නොකරන එක් පන්දුවාරයක් වෙනුවෙන් 20%ක දඩයක් පැනවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළදී පන්දුවාර දෙකක් යවා නිම නොකිරීම නිසා ඔවුන්ට 40%ක දඩයක් ICC ය විසින් නියම කර ඇත.

ඒ සම්බන්ධ තින්දුවට නායක ලසිත් මාලිංග එකග විම නිසා වැඩිදුර විභාගයක් සිදු නොකරන බවද ICCය නිවේදනය කර සිටිනවා.

මේ අතර දෙරට අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03) රාත්‍රී 7.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතයි.