Friday, May 10, 2024

General line - 0115112241

අපේ ඉලක්කය "අගමැතිකම" වෙන්න ඕන : ජනාධිපති (UPDATE)

දිනුක් හේවාවිතාරණ




19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයෙකුට කිසිදු බලයක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

" ඉදිරියේදී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය හිමිවන්නේ ජනාධිපතිට නොවේ අගමැතිටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්න ඕනේ ඉදිරි අගමැතිවරයෙක් පත් කර ගන්නයි."

එමෙන්ම මහ බැංකු බැඳූම්කර වංචාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන්ට වඩා තනතුරෙන් උසස් අයෙක් ඉදිරියේදී විත්ති කුඩුවේ සිටින අයුරු දකින්නට ලැබෙනූ ඇති බවයි.

පළාත් සභා මැතිවරණයක් නැවත රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතවි ඇති බවත්, එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා බව මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියා.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන් කළ විමසීමේදී ඒ බව තහවුරුවු බවද මෙහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

..................................

නිදහස් පක්ෂ මහ සම්මෙලනය ඇරඹේ 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වුනා.

මෙම මහා සම්මේලනය සඳහා අමාත්ය පාඨලී රණවක, රිෂාඩ් බදුර්දීන් සහ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරුන් ද එක්ව සිටිනවා.

අද දිනයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති බවට වාර්තා පලවෙනවා.