Saturday, May 4, 2024

General line - 0115112241

පෘථිවිය ආසන්නයෙන් ඇදී යන දැවැන්තයා ගැන නාසා ආයතනය විමසිල්ලෙන්

දිනුක් හේවාවිතාරණ




ලොව උසම ගොඩනැගිල්ලට වඩා විශාලත්වයෙන් වැඩි ඇස්ට්‍රෝයිඩයක් මෙම මස 14 වෙනිදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කර සිටිනවා.

මෙම ග්‍රාහක ඇස්ට්‍රෝයිඩය විශාලත්වයෙන් මීටර් 290 – 650ත් අතර විශ්කම්භයකින් සහ උසින් අඩි 951-2,132 ක් පමණ වනු ඇති බවයි නාසා ආයතනය සඳහන් කර සිටියේ.

මෙම ග්‍රාහක ඇස්‌ට්‍රෝයිඩය සඳහා නාසා ආයතනය විසින් 2000 QW7 යනුවෙන් නම් කර ඇත. 

ලබන  සැප්තැම්බර් 14 වෙනිදා මෙම ග්‍රාහක ඇස්ට්‍රෝයිඩය පෘථිවියේ සිට සැතපුම් 3,312,944 ක දුරකින් ගමන් කිරිමට නියමිත අතර එම අවස්ථාව වන විට මෙම ග්‍රාහකය පැයට සැතපුම් 14,361 ක වේගයෙන් ගමන් කරනු ඇති බව නාසා ආයතනය පවසයි.

මෙම ග්‍රාහකය මගින් පෘථිවියට යම් බලපෑමක් ඇති වනු ඇතිද යන්න සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයින් අවධානයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් පෘථිවියට ග්‍රාහක ඇස්ට්‍රෝයිඩයක බලපෑමක් එල්ල වේ නම් ඒ ගැන කල් තියා අනතුරු හැගවිමේ හැකියාවක් අභ්‍යවකාශ නිරීක්ෂණයන් සදහා යොදා ගනු ලබන දුරේක්ෂයන්ට් හැකි බව තාරකා විද්‍යාඥයින් පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශ කර සිටියා.